Latestවිදේශීය

ප්‍රංශය ගිණිගනී

ප්‍රංශයේ විරෝධතා තුන්වන දිනටත් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

17 හැවිරිදි තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මියයාමත් සමග මෙම තත්වය හටගත්තේය.

ප්‍රංශයේ නගර රැසක ක්‍රියාත්මක විරෝධතා හේතුවෙන් 200කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තත්ත්වය පාලනය කිරීම සදහා 40,000ක පමණ ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් යොදවා ඇති අතර විරෝධතාකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවය. 

විරෝධතාකරුවන් විසින් දේපලවලට හානි කර ඇති අතර මෝටර් රථ 40ක් පමණ ගිනි තබා විනාශ කර ඇති බවට වාර්තා පළවෙයි.

මේ අතර මෙවැනි නොසන්සුන්තාවක් පවතින වාතාවරණයක් තුළ ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකට ගායක එල්ටන් ජෝන්ගේ උත්සවයකට සහභාගී වීම සම්බන්ධයෙන් ජනතාවගේ අප්‍රසාදය පළ වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *