පොහොර වවුචර්පත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ
මේ වනවිට නිකුත් කර ඇති පොහොර වවුචර්පත්වල වලංගු කාලය මාස දෙකක් වුවද ඒ සඳහා පොහොර මිල දී ගැනීමට හැකි වලංගු කාලය මෙම වසරේ දෙසැම්බර් අවසන් වන තෙක් දීර්ඝ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
පොහොර මිල දී ගැනීම සඳහා රජය ගොවි ජනතාව වෙත ලබා දෙන වවුචර් පත් නිකුත් කිරීමට දේශපාලකයින් සහභාගි කර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය හෝ රජය උපදෙස් ලබා දී නොමැති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
පොහොර වවුචර් නිකුත් කිරීමේ දී ඇතැම් ප්‍රදේශවල යම් ප්‍රමාදයක් සිදුව තිබෙන්නේ එක්තරා දේශපාලන පක්ෂයකට සම්බන්ධ නිලධාරින් පිරිසක් හිතාමතා මවවුචර්පත් නිකුත් කිරීම ප්‍රමාද කර ඇති බැවින් බව සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් නිකුත් කෙරෙන වවුචර්පත් නිකුත් කිරීමේ වගකීම ඇත්තේ ඊට සම්බන්ධ නිලධාරින්ට බවත් ඒ හැර දේශපාලකයින් එමඅවස්ථාවන්ට සහභාගි කර ගත යුතු බවට කිසිදු උපදෙසක් හෝ චක්‍රලේඛයක් කෘෂිකර්ම අමාත්‍යාංශය හෝ ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව නිකුත්කර නොමැති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී.
එසේම වවුචර්පත් බෙදාහැරීම ප්‍රමාද කළ නිලධාරින් සම්බන්ධව විමර්ශන අවසන් වූ වහාම ඔවුන් සම්බන්ධව විනයානුකූලව පියවර ගැනීමට ගොවිජන කොමසාරිස්වරයාට උපදෙස් ලබා දී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

