මැතිවරණ කොමිසම සහ මානව හිමිකම් කොමිසමට සාමාජිකයින් පත්කෙරේ
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මැතිවරණ කොමිසමට (EC) සහ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRC) සඳහා සාමාජිකයන් පත්කර ඇත.
මානව හිමිකම් කොමිසමේ සභාපති ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතා පත් කර ඇති අතර එහි සෙසු සමාජිකයන් ලෙස නිමලසේන ගාර්දිය පුංදිහේවා, තයියමුත්තු තනරාජ්, මහාචාර්ය ෆාතිමා ෆර්සානා හනීෆා, සහ ආචාර්ය ගෙහාන් දිනුක් ගුණතිලක යන මහත්ම මහත්මීන් පත් කර තිබේ.
එමෙන්ම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස හිටපු අතිරේක මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයෙකු වන ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පත් කර තිබෙන අතර, එම්.ඒ.පත්මසිරි චන්ද්‍රවංශ පෙරේරා සහ අමීර් මොහොමඩ් ෆායිස් යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

