රාජ්‍ය සේවක වැටුප් ඉහළ දමනවා
ඉදිරි අයවැය මගින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.
රටේ පවතින ආර්ථික හිරවීම මධ්‍යයේ වුවද වැටුප් වැඩි කිරීමේ උවමනාවක් ජනාධිපතිතුමන්ට ද ඇති බවත් හෙතෙම පැවසීය.
ඒ අනුව මේ වසරේ අවසන් කාර්තුව වන විට අයවැය ඉදිරිපත් කිරීමත් සමග වැටුප් වැඩි කීරීම සිදු කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පවසයි.
ලක්ෂ 15ක් වන රාජ්‍ය සේවකයන් සියලුදෙනාගේම වැටුප් වැඩි කිරීමට රජයක් වශයෙන් දැඩි කළමනාකරණයක් ඇතිව සිදු කළ යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

