Latestදේශීය

ණය ප්‍රතිව්‍යූහගත කිරීමට විරුද්ධයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා ආණ්ඩුව සේවක අර්ථසාධක මුදලට අත තබා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මේ හරහා රජය දෙවැනි වතාවටත් රටේ ජනතාව මුලා කර ඇතැයි ඔහු චෝදනා කළේය.

දේශීය ණය ප්රතිව්යුහගතකරණය නොකරන බවට මීට පෙර මහ බැංකු අධිපතිවරයා මුදල් අමාත්‍යවරුන් පැවසුව ද අද වන විට එය සිදු කරමින් ඇති බවද හෙතෙම සඳහන් කරයි.

අර්ථසාධක අරමුදලට අත නොතබව බවට ඇමතිවරු පැවසුව ද එයට ද දැන් අත තබා අවසන් බවද විපක්ෂනායකවරයා උඩවලව ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමින් සඳහන් කරන ලදී.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඊයේ පස්වරුවේ තීරණය කර තිබුණේ දේශීය ණය ප‍්‍රතිව්‍යුහ ගතකරන යෝජනාවලියට විරුද්ද වීමටයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *