රාජ්‍ය මුදල් කාරක සභාව අද(30) රැස්වේ
දේශීය ණය ප්‍රශස්තකරණ සැලැස්ම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට රාජ්‍ය මුදල් කාරක සභාව අද(30) රැස්වේ.
එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ, ඊයේ දිනයේ රැස්වූ කාරක සභාව මේ සම්බන්ධයෙන් පාර්ශව රැසකගෙන් අදහස් විමසූ බවයි.
දේශීය ණය ප්‍රශස්තකරණ සැලැස්ම හරහා සේවක අර්ථ සාධක අරමුදලට වන බලපෑම සම්බන්ධයෙන් අද දිනයේ පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කරන බව ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ ය.
මේ අතර , දේශීය ණය ප්‍රශස්තකරණ සැලැස්ම හෙට පාර්ලිමේන්තුවේදි විවාදයට ගැනෙයි.
මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඊයේ පැවසුවේ දේශීය ණය ප්‍රශස්තකරණ සැලැස්ම් යෝජනාවට විරුද්ධව තම පක්ෂය ඡන්දය භාවිත කරන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

