දිවයිනේ ගිනිකොණ මුහුදු ප්‍රදේශයේ භූ කම්පනයක්
ලංකාවට ගිනිකොණ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ භූ කම්පනයක් හටගෙන තිබෙන බව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය පවසනවා.
මෙරට වේලාවෙන් අද (01) දහවල් 12.59ට ඉන්දියන් සාගරයේ කිලෝමීටර් 1,260ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේ මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කරන්නේ.
මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 5.8ක් ලෙස සටහන්වී ඇති අතර මෙරට ප්‍රදේශ කිහිපයකට දැනී ඇති බවද සඳහන් වේ.
මෙම කම්පන තත්ත්වයේ බලපෑම කොළඹ, බත්තරමුල්ල, වැල්ලවත්ත යන ප්‍රදේශවලට මෙන්ම නෙළුව, අකුරැස්ස යන ප්‍රදේශ කිහිපයකටද දැනී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම භූ කම්පනය දිවයිනට ගිනිකොන දිග මුහුදු ප්‍රදේශයේ අභ්‍යන්තරයෙන් හට ගෙන ඇති අතර සුනාමි අවදානමක් නොමැති බවද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය වැඩිදුරටත් පවසනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

