Latestදේශීය

ප්‍රතිව්‍යූහගත කරන්නත් කලින් EPF එකට කළ දේ

දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරිමේ යෝජනා සම්මත කිරීමටත් පෙර පොලී ප්‍රතිශත කපා හැරිමේ ක්‍රියාවලිය දියත් කර ඇති ආකාරය වෙරිටේ රිසර්ච් ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල් පෙන්වා දී තිබේ.

දෙරණ 24 පැය නාලිකාවේ BIG FOCUS සම්මුඛ සාකච්චාවට (01) එක්වෙමින් මේ පිළිබඳව කරුණු රැසක් අචාර්ය නිශාන් දි මෙල් හෙළි කර තිබිණි.

දේශීය උද්ධමන තත්වය තුළ අරමුදලේ සැබෑ ප්‍රතිලාභ 35% ඉක්ම වූ ප්‍රමාණයකින් කපා හැර ඇති අතර විදේශ ණය සඳහා කපා හැරීමක් අපේක්ෂා කරන්නේ 30%ක් වූ ප්‍රමාණයක් බවද මේ අනුව දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සමානාත්මතාවයෙන් සිදු නොකරණ බව ඔහු පෙන්වා දී ඇත. එසේම දැනට විශ්‍රාම වැටුප් අරමුදල් යොදවා ලබා දී තිබෙන රජයේ ණයවලට 13.52%කින් පොලී අනුපාතයක් ගෙවන බවද එය 9.1% දක්වා අඩු කිරීමට ක්‍රියා කරන බවද විශේෂයෙන් හෙළි කර තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *