Latestදේශීය

සජබ මන්ත්‍රීන්ට පුදන රනිල්ගේ බාර් දන්සැල

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මත්පැන් අලෙවි බලපත්‍ර ලබාගෙන ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා කරයි.

තමන් මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දන්වා ඇතැයි ද ඇය පැවසුවාය.

සමගි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සමග සමාජශාලාවල මත්පැන් පානය කරන බවත් එය තහවුරු කර කළ හැකි පින්තූර පවා තමන් සතුව ඇති බවත් ඇය කියා සිටී.

මේ අයගේ නම් ගම් හෙළිදරව් කර උඩ බලාගෙන කෙළ ගැසිය නොහැකි බවද පවසන ඇය මෙම කණ්ඩායම් දෙපැත්තේම කකුල තබාගෙන අවස්ථාවාදී ලෙස කටයුතු කරන බවද කියා සිටියාය.

ගුවන් විදුලි නාලිකාවක් සමග සාකච්ඡාවක දී ඇය මෙම අදහස් පළ කරන ලදී.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *