සිංගප්පූරුවේ පුද්ගල සියදිවි නසාගැනීම් වැඩිවෙයි
සිංගප්පූරුවේ සිදුවන සියදිවි නසාගැනීම් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව සඳහන්.
පසුගිය 2022 වසරේ දී එරට සියදිවි නසාගැනීම් ප්‍රමාණය 26%කින් ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
වයස අවුරුදු 10-29 අතර තරුණයින් සහ වයස අවුරුදු 70-79 අතර වයස්ගත පුද්ගලයින් අතර සියදිවි නසාගැනීම් අනුපාතය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.
ඒ අනුව 2022 වසරේ දී සිංගප්පූරුවේ පුද්ගලයන් 476 දෙනෙකු සියදිවි නසාගෙන තිබෙන බව සඳහන්. දශක දෙකකට වැඩි කාලයක් තුළ සිංගප්පූරුවේ සිදුවන සියදිවි නසාගැනීම් සංඛ්‍යාව ඉහළ මට්ටමකට පැමිණ තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ සෑම වසරකම ලොව පුරා පුද්ගලයින් 700,000 කට වැඩි පිරිසක් සියදිවි නසාගැනීම් හේතුවෙන් මිය යන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

