ඉන්දියාවේ බස් රථ අනතුරක්: 26 දෙනෙකුට දිවි අහිමිවෙයි
ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක සිදුවූ අනතුරකින් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු 26 දෙනෙකු මියගොස් තවත් 08දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ පුද්ගලයින් 33 දෙනෙකු සමග පූනේ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් අද (01) අළුයම ගිනිගැනීමට ලක්වීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.
බස් රථයේ රියදුරු සඳහන් කර ඇත්තේ ටයරය පුපුරා යාමෙන් පසු බස්රථය කණුවක ගැටුණු බවයි.
බස් රථ රියදුරු ඇතුළු තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමුකර තිබෙන බව සඳහන්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

