තෙල් මිල නැවතත් ඉහළට පහළට
ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තෙල් මිල සශෝධනය කර ඇත.
ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 328 කි.
එමෙන්ම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කර ඇත.
එහි නව මිල වන්නේ රුපියල් 365ක් ය.
ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් මිල රුපියල් 2කින් අඩු කිරීම හේතුවෙන් නව මිල රුපියල් 308ක් ලෙස සටහන් වේ.
සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 6 කින් වැඩි කිරීම හේතුවෙන් එහි නව මිල රුපියල් 346ක් ලෙස වැඩි විය.
කෙසේවෙතත්, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 9කින් අඩු කර ඇත.ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 236 කි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

