විදුලි ගාස්තු අඩු කෙරේ
අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 14.2කින් විදුලි ගාස්තු අඩු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙ බව වාර්තා වේ.
ඒ අනුව,ගෘහස්ත අංශයේ 0 ත් 30 අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩයට සියයට 65ක් ගාස්තු අඩු වීමක් සිදු කෙරෙන අතර ඒකකය රුපියල් 30 සිට රුපියල් 10 දක්වා අඩු කෙරේ.
එසේම,මාසික ගාස්තු රුපියල් 400 සිට 150 දක්වා අඩු වේ.
ඒකක 60 ට අඩු කාණ්ඩයේ ඒ්කක ගාස්තුව රුපියල් 42 සිට 32 දක්වා අඩුකෙරෙන අතර මාසික ගාස්තු රුපියල් 650 සිට 300 දක්වා අඩු කිරීමට නියමිත බව සදහන් වන අතර ඒකක 91ත් 120ත් කාණ්ඩය සදහා ඒකකය රුපියල් 42 සිට රුපියල් 35 දක්වා අඩු කෙරෙන අතර මාසික ගාස්තුව රුපියල් 1500 සිට 1000 දක්වා පහත දැමීමට ද තීරණය කර තිබේ.
මීට අමතරව ආගමික ස්ථාන සදහා සියයට 16ක ගාස්තු අඩුවීමක් සිදුකෙරේ.එසේම අඩු පරිභෝජනයක් සහිත ආගමික ස්ථානවලට ඒකකය රුපියල් 10 බැගින් ද රුපියල් 30 සිට 10 දක්වා අඩු කෙරෙන බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

