දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය පාර්ලිමේන්තුවේදී සම්මතයි
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ඊයේ (01) පැවැති ඡන්ද විමසීමකින් අනතුරුව සම්මත කර ගැණුනි.
ඒ අනුව යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් සහ විරුද්ධව ඡන්ද 62ක් හිමිවිය.
ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ අදාළ යෝජනාව සංශෝධිත ආකාරයෙන් සම්මත වූ බවය.
ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ දේශීය ණය ප්‍රශස්තකරණය සඳහා අවශ්‍ය සියලුම අවසර, මුදල් ආර්ථික ස්ථායීකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාට ලබාදීම සඳහා වන යෝජනාව ලෙස අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසින්.
විවාදය ඊයේ පෙරවරුවේ සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්වුණි. ඡන්ද විමසීම පැවැත්වුණේ ඉන් අනතුරුවය.
කෙසේ වෙතත් මෙම ඡන්ද විමසීමේ අවස්ථාවට මහින්ද, චමල්, නාමල් යන රාජපක්ෂවරු සහභාගි නොවී තිබීම විශේෂත්වයකි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

