Latestදේශීය

මුතු රාජා නැවත  උපන් බිම වෙත

2001 වසරේදී තායිලන්තයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු සක් සුරින් හෙවත් මුතු රාජා හස්තියා හෙට (02) යළි තායිලන්තයට රැගෙන යාමට නියමිත බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසුවේ තායිලන්තයේ සිට පැමිණෙන විශේෂ ගුවන් යානයක් මගින් මෙම හස්තියා යළි රැගෙන යාමට නියමිත බවයි.

තායිලන්ත රජය විසින් මෙම හස්තියා මෙරටට පරිත්‍යාගයක් ලෙස ලබාදුන් අතර මෙම හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහීම හේතුවෙන් යළි තායිලන්තයට රැගෙන යාම සඳහා එරට රජය ලංකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අලුත්ගම කන්දේ විහාරයේ රඳවා සිටි මෙම සක් සුරින් නැමැති හස්තියා තායිලන්තයට රැගෙන යාම සඳහා ඉල්ලා සිටීමෙන් අනතුරුව පසුගිය නොවැම්බර් මාසයේදී දෙහිවල සත්වෝද්‍යානයට රැගෙනවිත් තිබෙනවා.

ඉන් අනතුරුව හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට තායිලන්ත පශු වෛද්‍ය කණ්ඩායමක් සහ ඇත් ගොව්වෙකු ලංකාවට පැමිණ සිටි අතර පසුගිය සතියේ ද තායිලන්තයේ පිරිසක් හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා මෙරටට පැමිණියා.

මේ වන විට මුතු රාජා හස්තියා යළි රැගෙන යාම සඳහා රුසියානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත. මුතු රාජා ඇතා රැගත් මෙම රුසියානු ගුවන් යානය හෙට අලුයම 03.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්වයාමට නියමිතව ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *