Latestදේශීය

මෙහෙම යන්න බැහැ – නව ලිබරල්වාදය උත්තරයක් නෙමෙයි

සියලුම ක්ෂේත්‍රවල කම්කරුවන් නව යටත්විජිතවාදයේ වහලුන් බවට පත් කර තව දුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය ගනිමින් අනුගමණය කරන ක්‍රියාමාර්ග තුළින් ප්‍රශ්න විසඳිය නොහැකි බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමියෝ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදි පැවසූහ.

විශේෂයෙන්ම වතු කම්කරුවන් සම්බන්ධයෙන් එම හමුවේදී අවධානය යොමු කර තිබුණේ මේ වනවිට වසර 200ක් මෙරට කම්කරුවන් ලෙස ඔවුන් කළ කාර්ය භාර්යය පිළිබඳව කරුණු දැක්වීමටය.

එහිදී වැඩිදුරටත් අගරදගුරු හිමියන් පැවසූවේ මෙරට ජාතික නිෂ්පාදනය කඩා බිඳදමා ණය මත රට පවත්වාගෙන යාමේ දේශපාලනය අවසන් කළ යුතු බවය.

පැලැස්තර විසඳුම් වෙනුවට මේ රට නව මාවතකට ගත යුතු බවත් සියලුම ක්ෂේත්‍රවල කම්කරුවන් මෙන්ම ගොවීන් ඇතුළු ජාතික නිෂ්පාදිතයට උර දී සිටින සියලුදෙනා ආරක්ෂා කළ යුතු බවත් එහිදී අවධාරණය කෙරිණ.

නව ලිබරල්වාදය තුළ මේ රට පත්ව තිබෙන කිසිදු ගැටලුවකට විසඳුම් ලබාගත නොහැකි බවත් මේ සම්බන්ධයෙන් සියලු දෙනාම ගැඹුරින් කල්පනා කළ යුතු බවත් උන්වහන්සේ  අවධාරණය කළහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *