රටම යටකළ රනිල්ගේ ණය කන්ද
මේ වනවිට ණය ප්‍රතිව්‍යූහගත කිරිම පිළිබඳව දැඩි කම්පනකාරි ක්‍රියාමාර්ග අනුගමණය කරමින් සිටින රනිල් වික්‍රමසිංහ පසුගිය වසරේ මැයි මාසයේ මුදල් ඇමති ධුරය බාරගැනීමෙන් පසුව මාස 10ක් තුළ රාජ්‍ය ණය බර රුපියල් ට්‍රිලියන 6.5කින් (රුපියල් කෝටි 650,393) ඉහළ දමා ඇති බව නිල වාර්තාවලින් අනාවරණය වේ.
මෙහි විශේෂත්වය වන්නේ මෙම වසරේ ජනවාරි සිට මාර්තු දක්වා මුල් මාස 03 තුළ දී රාජ්‍ය ණය බර රුපියල් කෝටි 232,200කින් ඉහළ දමා තිබීමය. පසුගිය 2022 වසරේ අප්‍රේල් මාසය අවසන් වනවිට මෙරට මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් කෝටි 2,331,010ක් වී තිබිණි. වසර අවසන් වනවිට එය රුපියල් කෝටි 2,749,203ක් දක්වා ඉහළ ගොස් තිබූ බව මහ බැංකු වාර්ශික වාර්තාවේ දැක්වේ.
එමෙන්ම මෙම වසරේ මුල් මාස තුන තුළ මුළු ණය ප්‍රමාණය තවත් රුපියල් කෝටි 232,200කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශ වාර්තාවකින් හෙළි වී ඇත. මේ වනවිට එම වාර්තාවල රාජ්‍ය ණය ඩොලර් බිලියනවලින් දැක්වීමට පටන්ගෙන ඇත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

