Latestවිදේශීය

චීනයේ රසායනික පිපිරීමක්

අග්නිදිග චීනයේ රසායනික කම්හලක පිපිරීමක් සිදුව තිබෙනවා.මෙම පිපිරීම හේතුවෙන් ඝන කළු දුමාරයක් වායුවට එකතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.

චීන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන CCTV පවසන පරිදි Jiangxi පළාතේ ගුයිසි නගරයේ සිලිකන් ඔයිල් නිෂ්පාදන සමාගමක් වන Jiangxi QianTai New Materials සමාගමට අයත් කම්හලක මෙම පිපිරීම සිදුව තිබෙනවා

මේ වනවිට ලැබී ඇති මූලික වාර්තාවලින් පෙන්වා දෙන්නේ සිලිකන් තෙල් ගිනි ගැනීමෙන් පසු පිපිරීම සිදුවී ඇති බවයි.

පිපිරිම හේතුවෙන් පුද්ගල අනතුරු කිසිවක් වාර්තා වී නැත.මේ වන විට අවට ජීවත් වූ ජනතාව ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *