කොදෙව්වන්ට අන්ත පරාජයක්
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ තරග වටයෙහි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තරගය ස්කොට්ලන්තය කඩුලු 7කින් ඊයේ (01) ජයගැනීමට සමත් උනා.
හරාරේහිදී පැවති තරගයේ ලකුණු 182ක ඉලක්කයක් හඹා යාමට ස්කොට්ලන්තයට සිදුවුනා.ස්කොට්ලන්ත කණ්ඩායම තරගය ජය ගත්තේ, පන්දුවාර 43යි පන්දු 3ක් අවසානයේදීයි.එහීදී ඔවුන් කඩුලු 3ක් පමණක් දැවී සිටියා.
තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත නායක රිචී බෙරින්ටන්ගේ තීරණය වූයේ, පළමුව පන්දු රැකීමටයි.
ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ මුල්පෙළ කඩුලු 6 ලකුණු 81කදී බිඳ වැටුණි.
රෝමාරියෝ ශෙපර්ඩ් ලකුණු 36යි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ජේසන් හෝල්ඩර් ලකුණු 45 යි.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායමට පන්දුවාර 43යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 181ක් පමණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

