Latestක්‍රීඩාදේශීය

කාන්තා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තය පරදා තරගාවලිය ජයගනී

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට එරෙහිරව කඩුලු අටක ජයක් වාර්තා කරමින් තරග තුනකින් සමන්විත එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට අද සමත්වුණා.

පන්දුවාර 29කදී ලකුණු 196ක සංශෝදිත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු 13ක් ඉතිරිව තිබියදී තම ඉලක්කය සපුරා ගත්තේ කඩුලු අටක් ඉතිරිව තීබියදී.

ලකුණු හයට කඩුලු දෙකක් දැවී තරමක අවදානම් අඩියක සිටි සත්කාරක කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා වුයේ නායිකා චමරී අතපත්තුයි. පන්දු 80කට මුහුන දෙමින් නොදැවී ලකුණු 140ක් රැස්කල චමරී තෙවන කඩුල්ල සඳහා නිලක්ශි ද සිල්වා සමග ලකුණු 190ක වාර්තාගත සම්බන්ධතාවයක් ගොඩනැගූ අතර එය ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළම ලකුණු සම්බන්ධතාවය ලෙසද වාර්තා වුණා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *