Latestදේශීය

ජනපතිගෙන් විපක්ෂනායක ඇතුළු විපක්ෂයට විවෘත ආරාධනයක්

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 32ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ බොරු තර්ක ඉදිරිපත් කර අසාර්ථක නොවී රට ගොඩනගන්න, ජනතාවට සහනයක් දෙන්න එක්වන්නැයි විපක්ෂනායක ඇතුළු විපක්ෂයට විවෘත ආරාධනයක් කරන බවයි.

අද (03) පෙරවරුවේ මාගම් රුහුණු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මෙම උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ දේශීය ණය ප්‍රශස්තකරණය සම්බන්ධයෙන් විපක්ෂය නැගූ සියලු චෝදනා මේ වන විට අසත්‍ය වී ඇති බවයි.

ජනතාව වෙනුවෙන් වගකීම් ඉටුකර රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට තමන් ද දායක වූ බව පවසමින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව උදාකර ගන්නා ලෙස ද පවසූ  ජනාධිපතිවරයා ,අවශ්‍ය නම් කථානායකවරයා සමඟ සාකච්ඡා කර ඔවුන්ට පාර්ලිමේන්තුව තුළ තවත් වගකීම් පවරාදීමට හැකි බව ද පෙන්වා දුන්නා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *