Latestදේශීය

ලිට්‍රෝ ගෑස් මිල අඩුකරයි                       

පසුගිය මස 04වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452කින් අඩු කෙරුණූ අතර එහි නව මිල සටහන් වූයේ රුපියල් 3,186ක් ලෙසයි.

ලිට්‍රෝ ගෑස් මිල හෙට (04) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කිරීමට කටයුතු කරන බවයි  එහි සභාපති මුදිත පීරිස් පවසන්නේ.

 කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් තුන්දහසේ සීමාවෙන් පහතට ගෙන ඒමට අපේක්ෂා කරන බවයි සමාගම වැඩිදුරටත් පවසන්නේ.

ඒ අනුව හෙට(04) දිනයේදී  එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

මීට අමතරව කිලෝ 05ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 181කින් පහත දැමූ අතර එහි නව මිල 1,281 කි.

කිලෝ 2.3ක් ලෙස සටහන්ව තිබූ ලිට්‍රෝ කුඩා සිලින්ඩරයක මිල ද රුපියල් 83කින් පහත දැමූ අතර එහි නව මිල රුපියල් 598ක් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *