Latestදේශීය

ඖෂධ හිඟයක් ඇති නොවීමට රජයෙන් වැඩපිළිවෙලක්

මධ්‍යම ඖෂධ ගබඩාවේ තිබිය යුතු බෙහෙත් වර්ග වලින් 190ක වගේ ප්‍රමාණයක අඩුවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

නමුත්ඉදිරියේ දී ඖෂධ හිඟයක් ඇති නොවීමට රජයෙන් වැඩපිළිවෙලක් හඳුන්වා දී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ,

ඒ අනුව ඖෂධ ගෙන්වීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට රජය පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කරනවා.

“ස්ථාවර රටකට – සැවොම එක මඟට” යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම අදහස් පළ කළා.

කැබිනට් මණ්ඩලයට වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් ,තාවකාලිකව ඇතිව තිබෙන බෙහෙත් හිඟය නිවැරදි කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ගණනාවක් අරගෙන ඇති බවත් පෙනවාදෙන අමාත්‍යවරයාමේ වසර අවසානය වනවිට ඖෂධ වර්ග 20ක් මෙරටදී නිෂ්පාදනය කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවද මෙහිදී අවධාරණය කළා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?