Latestදේශීය

වැඩිහිටිකන්දට බැතිමතුන් රැගෙන යන කැබ් රථයක් අනතුරට ලක්වෙයි

කතරගම වැඩිහිටිකන්දට බැතිමතුන් රැගෙන යන කැබ් රථයක් ඉහළමළුව සිට පහළමළුව දක්වා ධාවනය වෙමින් තිබියදී අනතුරකට ලක්ව ඇත.

එම කැබ් රථයේ රියදුරුට සිය රථය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් රථය පෙරළී මෙම අනතුර සිදුව ඇති බවටයි පොලීසිය සැක පළකරන්නේ.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථයේ කාන්තාවන් 07ක් සහ වයස අවුරුදු 10ක කුඩා දැරියක් සිට ඇති අතර එම කාන්තාවන් පිරිස තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාල ලබා ඇති පිරිස වව්නියාව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සදහන් කරනවා. එම අනතුරින් කැබ් රථයේ රියදුරුට තුවාල සිදුව නොමැති බව සඳහන්


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *