Latestදේශීය

විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැනීමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාව මේ සතියේ කැබිනට් මණ්ඩලයට

වර්තමානයේදී ඉහළ යන වෛද්‍ය පුරප්පාඩු සැළකිල්ලට ගෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරනු ලැබුවේ පසුගිය සතියේදී වන අතර එම තීරණය සම්බන්ධයෙන් පසුගිය සතියේදී සෞඛ්‍ය අමාත්‍යාංශය අභියාචනාධිකරණයට ද දැනුම් දී තිබේ. 

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල සංදේශය මේ සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ , අවුරුදු 60 න් විශ්‍රාම ගැන්වීමට එරෙහිව විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ගොනු කළ පෙත්සමකට අදාළව එම කරුණු දැක්වීම කළ බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *