ලිට්රෝ ගෑස් දෙදහසේ සීමාවට එයිද ?
කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් තුන්දහසේ සීමාවෙන් පහතට ගෙන ඒමට අපේක්ෂා කරන බව එම සමාගම සදහන් කරන බව වාර්තා වේ.
ඒ අනුව අද (04) දිනයේ එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බව සදහන්. පසුගිය මස 04 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452කින් අඩු කළ අතර ඒ අනුව එහි නව මිල සටහන් වූයේ රුපියල් 3,186ක් ලෙසයි.
මීට අමතරව කිලෝ 05ක ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 181කින් පහත දැමූ අතර එහි නව මිල 1,281කි.කිලෝ 2.3ක් ලෙස සටහන්ව තිබූ ලිට්රෝ කුඩා සිලින්ඩරයක මිල ද රුපියල් 83කින් පහත දැමූ අතර එහි නව මිල රුපියල් 598ක් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

