විදේශීය

අමෙරිකාවේ,ෆිලඩෙල්ෆියාහි වෙඩි තැබීමක් – 04 ක් මියයයි

අමෙරිකාවේ, පෙන්සිල්වේනියාවේ විශාලතම නගරය වන ෆිලඩෙල්ෆියාහි සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.එමෙන්ම තවත් අට දෙනෙකුට වෙඩි වැදී ඇති බවයි එරට පොලිසිය සඳහන් කරනවා.සැකකරුවෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙහැවිරි සහ 13 වියැති ළමුන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති අතර වෙඩි තැබීමට හේතුව කුමක්දැයි නොදන්නා බවත් ඒ පිළිබඳව විමර්ශන සිදු කරන එරට පොලිසිය සදහන් කරනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *