දේශබන්දු වෙනුවෙන් නඩයක්ම
මේ වනවිට පුරප්පාඩු වී පවතින පොලිස්පති තනතුර සඳහා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන දේශබන්දු තෙන්නතෝන් පත් කරන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු මැති ඇමතිවරුන් ගණනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
මෙසේ ඉල්ලීම් කර තිබෙන සියලු දෙනා මෙයට පෙර දැඩි රාජපක්ෂවාදීන් ලෙස ක්‍රියා කළ පුද්ගලයන් වීම විශේෂත්වයකි. ප්‍රසන්නත රණතුංග, නිමල් ලන්සා, මෙන්ම විජේදාස රාජපක්ෂ ඒ අතර මුලින්ම සිටිති. ඊට අමතරව එක්තස් ජාතික පක්ෂයේ එකම මන්ත්‍රීවරයා වන වජිර අබේවර්ධන ද දැඩි ඉල්ලීමක් කර ඇති බව අනාවරණය වේ.
දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව මේ වනවිටත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩු දෙකක් විභාග වෙමින් පැවතීම බාධාවක් වී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලීය තොරතුරුවලින් පැවසේ.

@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

