Latestවිදේශීය

ඊශ්‍රායල – පලස්තීන ගැටුම – මිය ගිය ගණන ඉහළට

බටහිර ඉවුරේ ජෙනින් සරණාගත කඳවුරේ ඊශ්‍රායල හමුදා සහ පලස්තීන සටන්කාමීන් අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා. මේ වන විට මිය ගිය ගණන තවත් ඉහළ ගොස් තිබෙන අතර ඊශ්‍රායල හමුදාව ඊයේ (03) අලුයම එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරවලින් පලස්තීනුවන් නව දෙනෙකු මියගොස් 100 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පලස්තීනුවන් එය යුද අපරාධයක් බවටයි සඳහන් කරන අතර ඊශ්‍රායල හමුදාව සඳහන් කරන්නේ මෙහෙයුම අවසන් කිරීමට නිශ්චිත කාල සීමාවක් නොමැති නමුත් එය පැය කිහිපයක් හෝ දින කිහිපයක් විය හැකි බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *