Latestදේශීය

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අද (04) CID හමුවට

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවට කැඳවා තිබෙන බව වාරතා වේ. පසුගිය මැයි 29 වැනි දා මරදාන සමාජ හා සාමාජික කේන්ද්‍රයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී කළ අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙලෙස ඔහු අද උදෑසන 10.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණිය යුතු බව දැනුම් දී ඇත.

මේ අතර මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මාධ්‍ය මර්දනයේ තවත් පියවරක් විදිහට තරිඳු උඩුවරගෙදර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවයි.මෑත මාස කිහිපය තුළ ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙන්නේ, තෙවැනි වතාවට බව අදාළ නිවේදනයේ දැක්වේ.

එහි සඳහන් වන්නේ, රජය විසින් විද්‍යුත් නියාමන අධිකාරී පනත, සමාජ මාධ්‍ය නියාමන අධිකාරී පනත වැනි මර්දනකාරී පනත් කිහිපයක් යෝජනා කරමින් සිටින වටපිටාවක මෙම කැඳවීම සිදුවන බවයි. මේ නිසා මේ කැඳවීම අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතියට එරෙහි ක්‍රියාවක් ලෙස තමන් විශ්වාස කරන බව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය සදහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *