Latestදේශීය

සේවක අර්ථ සාධක අරමුදලින් 2038 දී රුපියල් ට්‍රිලියන 12ක් කැපීයයි ?

පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා ලද දේශීය ණය කපා හැරීමේ ක්‍රියාවලිය තුළ විශ්‍රාම වැටුප් අරමුදල් විශාල වශයෙන් කප්පාදු කෙරෙන අතර එහි ප්‍රමුඛතම බලපෑම සේවක අර්ථ සාධක අරමුදලට සිදුවන බවත් 2038 වනවිට එයින් රුපියල් ට්‍රිලියන 12ක් හෙවත් රුපියල් කෝටි ලක්ෂ 12ක් කැපී යන බවත් අනාවරණය වේ.

අද (04) උදෑසන සිරස පැතිකඩ වැඩ සටහනට සම්පත් දායකයා ලෙස එක්වූ වෙරිටේ රිසර්ච් ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් දි මෙල් මෙම තොරතුරු හෙළිකරනු ලැබීය. සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල්වලින් රජයට භාණ්ඩාගාර බැඳුම්කර මගින් ලබාදී තිබෙන ණය වෙනුවෙන් පසුගිය මැයි 31 දින වෙනවිට 13.5%ක සාමාන්‍ය පොලී අනුපාතිකයක් ලැබී ඇත. එය 9.1% දක්වා කපා හැරීමේ යෝජනාව ආණ්ඩුව සම්මත කර ගෙන තිබේ. මේ අනුව ආචාර්ය නිශාන් දි මෙල් හෙළිකරන්නේ 13.5% පොලියක් වර්තමානයේ පවතින රජයේ ණයවලට ලබා දුන්නේ නම් 2038 වෙනවිට රුපියල් ට්‍රිලියන 25 දක්වා එම අරමුදලේ වටිනාකම ඉහළ යන බවයි. මේ වනවිට එම අරමුදලේ වටිනාකම ට්‍රිලියන 3.456ක් වේ.

නමුත් 9,1% දක්වා පොලිය කපා හැරීමෙන් 2038 දක්වා වසර වසර 16ක් පුරා අරමුදලට එකතුවීමට නියමිත වැල් පොලී අනුපාත අහිමිවීමෙන් ට්‍රිලියන 12ක කප්පාදුවක් මෙම අරමුදලට සිදුවන බව ආචාර්ය නිශාන් දි මෙල් පෙන්වා දෙනු ලැබීය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *