උඩරට මාර්ගයේ දුම්රිය ධාවනට බාධා
උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.වටගොඩ සහ තලවකැලේ අතර දී අද (05) උදෑසන දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබුණා.මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සඳහා මේ වන විට බාධා එල්ල වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර මාතර සහ කඹුරුගමුව අතර දී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් අද උදෑසන සිට බාධා එල්ල වී තිබූ මුහුදුබඩ මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

