Latestක්‍රීඩා

බටහිර ඉන්දීය කොදෙව් – ඕමානය අද තරග බිමට

2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් සහ ඕමාන කණ්ඩායම් අතර තරගය අද (05) පැවැත්වේ.බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද එක්වන්නේ, තරගාවලියේ සුපිරි 6දෙනාගේ වටයේ දෙවැනි තරගයටයි.තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ඔවුන් සහභාගී වූ පළමු තරගය ස්කොට්ලන්තය හමුවේ පරාජයට පත් වුණා.2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට තිබූ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමෙන් ගිලිහී ගියේ, එම පරාජයත් සමගයි.

සීෂාන් මක්සූඩ්ගේ නායකත්වයෙන් යුතු ඕමාන කණ්ඩායම තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ මුහුණදෙන අවසන් තරගය මෙය වේ.සුපිරි 6 දෙනාගේ වටයේ සහභාගී වූ කිසිදු තරගයක් ජය ගැනීමට හැකි නොවූ ඔවුන් තරගාවලියේ ලකුණු සටහනේ රැඳී සිටින්නේ අවසන් ස්ථානයේය

ඕමාන කණ්ඩායමට ද ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාවක් නැත.සිම්බාබ්වේ හරාරේහිදී පැවැත්වෙන අද තරගය මෙරට වේලාවෙන් දහවල් 12.30ට ආරම්භ කිරීමට නියමිතයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *