“Barbie” වියට්නාමයේ තහනම්
ලොව පුරා බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනූ චිත්‍රපටයක් වියට්නාමයේදී ප්‍රදර්ශනය කිරීමට තහනමක් පනවා තිබේ.ඒ, අමෙරිකාවේ “Barbie” චිත්‍රපටය ය.
මෙම චිත්‍රපටය ජුලි 21 වන දින වියට්නාමයේ සිනමාහල් වෙත පැමිණීමට නියමිතව තිබුණි.වියට්නාම රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර ඇත්තේ දකුණු චීන මුහුදේ චීනයේ භෞමික හිමිකම් නියෝජනය කරන රේඛා කොටස් සමූහයක් වන “nine-dash line” භාවිත කරන සිතියමක් ඇතුළත් දර්ශනයක් අඩංගුවීම හේතුවෙන් චිත්‍රපටය තිරගත නොකරන බවය.
එමගින් සිය රටේ ස්වෛරීත්වය උල්ලංඝනය වන බැවින් අදාළ අමෙරිකානු චිත්‍රපටිය නිකුත් කිරීමට බලපත්‍රයක් ලබානොදෙන බව වියට්නාමය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

