Latestදේශීය

ජපානයේ රැකියා අවස්ථා සදහා සාකච්ඡා

වැඩි වශයෙන් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් ලෙස බඳවාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයාබලන ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩී.ඩී.පී.සේනානායක මහතා, ජපානයේ IRO ආයතනයේ සභාපති Norikai Suga මහතාගෙන් ඉල්ලා සිටියේය. ජපානයේ තාක්ෂණික පුහුණුලාභීන් බඳවාගන්නා ආයතනයක් වන IRO ආයතනයේ සභාපති Norikai Suga මහතා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් මේ දිනවල මෙරට සංචාරයක නිරතවන අතර, එම සංචාරය අතරතුරදී ( 04 දින) විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණ එහි ඉහළ කළමනාකාරීත්වය හමුවූ අවස්ථාවේදී සාමාන්‍යාධිකාරීතුමා විසින් මෙම ඉල්ලීම සිදුකරන ලදී.එයට ජපන් නියෝජිත පිරිසෙන් යහපත් ප්‍රතිචාර හිමිවූ අතර, තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් වශ‍යෙන් බඳවාගන්නා ශ්‍රි ලාංකිකයින් ඉහල තාක්ෂණික හැකියාවෙන් යුතු හා කරුණාවන්ත පිරිසක් බවද ප්‍රකාශ කළේය. ශ්‍රි ලාංකික තරුණ තරුණියන් තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් ලෙස ජපානයේ රැකියාවට යොමුකිරීම සඳහා 2021 වසරේ දෙසැම්බර් මාසයේදී ජපානයේ IRO ආයතනය හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලද අතර, අනුව මේ වන විට ලාංකිකයින් 25 දෙනෙකුට අධික පිරිසක් තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් ලෙස ජපානය බලා පිටත් කර තිබේ. මෙම අවස්ථාවට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු හා බඳවාගැනීම්) සෙනරත් යාපා මහතා හා IRO වැඩසටහන යටතේ ජපානය බලා යාමට සූදානම්ව සිටින රැකියාලාභීන් 9 දෙනෙකු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. @මාධ්‍ය අංශය

Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *