ලොතරැයි ව්‍යාපාරය අර්බුදයක
( රංජිත් රාජපක්ෂ)
ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් දිනපතා නිකුත් කරන ලොතරැයිපත් මිල (06) දින සිට රු 20 කින් වැඩි කිරිම අසාධාරණ බව ලොතරැයි අලෙවිකරුවන් සහ ජනතාව කියා සිටියි.
රු 20 මිලකට තිබු ලොතරැයි පතක් රු 20 කින් වැඩි කර (06) දින සිට ලොතරැයි පතක් රු 40 මිලක් දක්වා ඉහල දැමිම නිසා මින් ඉදිරියට තමුන් ලොතරැයිපත් මිල දි ගැනිමෙන් වැලකි සිටින බවයි ජනතාව කියා සිටින්නේ.
තවද පසුගිය මාස කිහිපය තුල ලොතරැයි පත් අලෙවිය පහල බැස තිබියදි ලොතරැයි පතක් රු 40 දක්වා වැඩි කිරිම නිසා ලොතරැයි අලෙවිය අඩුවිම තුලින් තමන්ට විශාල පාඩුවක් දැරිමට සිදු වන බවද ලොතරැයි අලෙවිකරුවන් කියා සිටියි.
ලොතරැයි පතක මිල වැඩි කර තමන්ට ලබාදෙන කොමිස් මුදල වැඩි කර ඇතත් , ලොතරැයි පත් අලෙවිය අඩුවිමෙන් තමන්ට විශාල අදායමක් උපයා ගැනිමට නොහැකි බවද ලොතරැයි පත් අලෙවිකරුවන් කියා සිටියි.
රු 20 ලොතරැයි පත් මිල දි ගැනිමේදි ලැබුණු ජයග්‍රහණ පිලිබදව සැහිමකට පත්විය නොහැකි බවත්, ලොතරැයිපත් නව මිල රු 40 දක්වා වැඩි කර තැගි මුදල දෙගුණ කරන බවට ලොතරැයි මණ්ඩල පැවසුවද ඒ කෙරෙහි තමන්ට විශ්වාසයක් නොමැති බවයි හැටන් ප්‍රදේශයේ ලොතරැයිපත් මිල දි ගන්නා ජනතාව කියා සිටියි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

