මෙක්සිකෝවේ බස් රථයක් පෙරලී 27ක් මරුට
මෙක්සිකෝවේ, වුහාකාහීදී කඳුකර මාර්ගයක ගමන් කරමින් තිබූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එම අනතුරින් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 17 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
එරට පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ෂණවලින් අනාවරණ වී ඇත්තේ බස් රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලී අනතුර සිදුව ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

