Latestදේශීය

මෛත්‍රී ඇතුළු පිරිස පාස්කු වන්දි තවම ගෙවා නැහැ

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සිය පෞද්ගලික මුදලින් වන්දි ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා ඇතුළු පාර්ශ්වවලට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදී ඇති කාලය ලබන බදාදා දිනයෙන් අවසන්වීමට නියමිතව තිබේ.

මෙම වසරේ ජනවාරි මස 12 වනදා ඒකමතික තීන්දුවක් ලබාදෙමින් අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් මගින් එම නියෝගය ලබාදෙනු ලැබීය.

ඒ අනුව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කෝටි 10කුත්, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට කෝටි 7.5ක මුදලක් වින්දිතයින්ට ලබාදෙන ලෙස නියම කර තිබුණි.

එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට කෝටි 5ක් සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතාට කෝටියක මුදලක් ද වින්දිතයන් හට ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

කෙසේවෙතත් කිසිදු විත්තිකරුවෙකු මේ දක්වා වින්දිතයන් සඳහා වන අරමුදලට එම මුදල් බැර කර නොමැති බව සඳහන්ය.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව අදාළ වන්දි මුදල් නොගෙවුවහොත් එය අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැලෙකෙන බව නීති විශාරදයින් පෙන්වා දෙයි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *