කොදෙව්වන් ඉදිරියේ ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්
2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනාගේ වටයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තරගය ශ්‍රී ලංකාව කඩුලු 08 කින් ජය ගැනීමට ඊයේ (07) සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 49 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 243 ක් රැස් කරන ලදි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ කඩුලු 4 ක්, දුෂාන් හේමන්ත කඩුලු 2 ක්, දිල්ෂාන් මදුෂංක, දසුන් ශානක,මතීෂ පතිරණ හා සහන් ආරච්චිගේ එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් විය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී Keacy Carty මංගල එක් දින අර්ධ ශතකයද සමගින් ලකුණු 87ක් රැස් කළ අතර Johnson Charles ලකුණු 39 ක් රැස් කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 244 ක ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම ආරම්භ කළහ.
පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න එක්ව ශ්‍රී ලංකා කණ්ඩායමට ශක්තිමත් ආරම්භයක් ලබා දෙන ලදි.
එහිදී දිමුත් කරුණාරත්න තම 11 වැනි එක් දින ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර පැතුම් නිස්සංක 3 වැනි එක් දින ජාත්‍යන්තර ශතකය වාර්තා කීරීමට සමත් විය.
මේ අනුව ශ්‍රී ලංකා පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 190කට සීමා වෙමින් දිමුත් කරුණාරත්න ලකුණු 83කට දැවී ගියේය.
කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී සිටියදී ලකුණු 244 ක ජයග්‍රාහී ඉලක්කය පසුකර යමින් තරගයේ ජය තමන් සතු කර ගැනීමට සමත් විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

