ප්‍රිගොෂින් පුවත් මවන්නෙක් වෙයි
රුසියාව වෙනුවෙන් යුක්රේනයේ සටන් වැදී සිටි වැග්නර් බලකායේ ප්‍රධානී ප්‍රිගොෂින් මියගොස් ඇති බවට හෝ රුසියාව තුළ හෙළි නොකළ ස්ථානයක රඳවා සිටින බවට ප්‍රවෘත්ති ජාත්‍යන්තර මාධ්‍යයේ වාර්තා කරමින් පවතී.
මීට සති දෙකකට පෙර වැග්නර් ප්‍රධානී ප්‍රිගොෂින් ඔහුගේ බළකාය මොස්කව් බලා මෙහෙයවීමත් සමග ලෝකය තුළ දැඩි ආන්දෝලනයකට ලක් වී සිටියේය. නමුත් පැය කිහිපයක් ඇතුළත එම බලකාය මොස්කව් බලා පැමිණි ගමන අත්හැර පසුබැස බෙලරූස් රාජ්‍ය කරා ගොස් ආරක්ෂාව සලසාගෙන සිටියේය.
මෙසේ තිබියදී ඊයේ (07) හදිසියේම එම බළකා ප්‍රධානියා සම්බන්ධයෙන් නව ප්‍රවෘත්ති නිර්මාණය වෙමින් පවතී. ඇතැම් ප්‍රවෘත්ති වාර්තාවල දැක්වෙන්නෙ ඔහු ඝාතනය කර ඇති බවය. මේ අතර ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ ඔහුගේ පෞද්ගලික ජෙට් යානය මොස්කව් බලා පැමිණ ආපසු බෙලරූස් රාජ්‍යවෙත ගිය බවය. එම ජෙට් යානය මොස්කව් පැමිණි බව සහ නැවත බෙලරූස් බලා ගිය බව ජාත්‍යන්තර ගුවන්ගමන් නිරීක්ෂණ සංවිධාන තහවුරු කර තිබේ. මේ අනුව වැග්නර් ප්‍රධානියා රුසියාවේ මොස්කව් නුවරට පැමිණ ඇතැයි අනුමාන කෙරෙන ප්‍රවෘත්තිය පල කර ඇත.
වැග්නර් හමුදා කැරැල්ල නිසා යුක්රේනයේ රුසියානු හමුදා දැඩි පසුබෑමක නොමැති බව මේ වනවිට තහවුරු වී තිබේ. එසේම යුක්රේන් ජනාධිපති පසුගිය මාසයේ නේටෝ සංවිධානයේ අතිවිශාල ආයුධ තොගයක් ලබා ගත්තද ඔවුන්ට යුදබිමේ සැලකියයුතු ජයග්‍රහණද අත්කරගැනීමට නොහැකි වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවලින් දැක්වේ.
@ Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

