මඩකලපු ගොවීන් තවත් පීඩාවක
මඩකලපු දිස්ත්‍රික්කයේ වී වගාවට කළු ඇට රෝගය නමැති රෝගයක් වැළඳී ඇති බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂවරයෙකු වන කේ.බී ගුණරත්න මහතා පවසයි.
මහනුවර පැවති මාධ්‍ය හමුක දී ඔහු සඳහන් කළේ, මෙම රෝගය දිලීර නිසා ඇති වන කරල් හට ගන්නා අවස්ථාවේ පවතින තත්ත්වයක් බව ය.
මෙම දිලීර රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බැවින් මේ සඳහා දිලීර නාශක කඩිනමින් යෙදීම වැදගත් වන අතර, එසේ නොමැති වුව හොත් ව්‍යාප්ත වීමේ අවදානම දැඩි විය හැකි බව ද ඔහු වැඩිදුරත් ප්‍රකාශ කර ඇත.
ගොවීන් විසින් භාවිත කරන ප්‍රමිතියෙන් තොර දිලීර නාශක හා පළිබෝධ නාශක භාවිත කිරීම හේතුවෙන් මෙම රෝගය තවත් උත්සන්න විය හැකි බව ද ඒ මහතා අවධාරණය කරයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

