රනිල් එක්ක ඩීල් අය පක්ෂයෙන් එලවනවා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකඟතාවයකින් සිටින සමගි ජන බලවේගයෙන් ඉක්මනින්ම ඉවත් කිරීමට පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරනු ඇති බව පාර්ලිමේන්තු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.
ජනාධිපතිවරයා සමග ගනුදෙනු කරන සමගි ජනබලවේගය පිරිස් ගැන තමන් පැමිණිලි කර ඇති බවත් වැඩිකල් යාමට පෙර ඔවුන්ට එරෙහිව පක්ෂ නායකයා පියවර ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඇය පැවසුවාය.
තමන් සමගි ජන බලවේගය හැර නොයන බවද පවසන ඇය එය පිරිසුදු කර නිවැරැදි මාර්ගයට ගෙන ඒමට උපරිම උත්සාහ දරන බවත් කියා සිටියි.
දේශපාලන කරන විට මොළය පාවිච්චි කළ යුතු බවත් චෙස් ක්‍රීඩා කරන ආකාරයට එය කළ යුතු බවත් ඇය තවදුරටත් සදහන් කලාය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

