Latestවිදේශීය

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ඩ්‍රෝන යානයෙන්

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් ඩ්‍රෝනයානයක් පාකිස්තානයේ ලාහෝර් නුවර ප්‍රදේශයකදී කඩාවැටී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.

සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයේ එම ඩ්‍රෝනයානයෙන් හෙරොයින් කිලෝග්‍රෑම් හයක් පමණ රැගෙන ගොස් ඇති බවද වාර්තා වෙයි.

එය ගොවියෙකුට අයත් ඉඩමකට කඩාවැටී ඇතැයි ද වාර්තා වෙයි.

අනතුර සිදුවූ වහාම ප්‍රදේශවාසීන් විසින් ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර තිබේ.

කඩා වැටුණු ඩ්‍රෝනයානයේ කොටස් සහ එහි ප්‍රවාහනය කරමින් තිබූ මත්ද්‍රව්‍ය තොගය පොලිස් භාරයට ගෙන ඇතැයි ද සඳහන් ය.

ඩ්‍රෝනයානය ක්‍රියාත්මක කළේ කුමන ප්‍රදේශයක සිටද සහ එය ගමන් කළේ කුමන ප්‍රදේශයකට ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *