Latestදේශීය

ආබාධිත පුද්ගලයින්ට රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට නව ක්‍රමයක්

ආබාධිත පුද්ගලයින් සඳහා රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේ නව ක්‍රමවේදයක් සකස් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

ඒ සඳහා මේ වන විට විශේෂ කමිටුවක් පත්  සකස් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්  නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සඳහන් කළේය.

ඔහු මේ පිළිබඳ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයෙක්, ප්‍රධාන මෝටර් ප්‍රවාහන පරීක්ෂකවරයෙක් සහ වෛද්‍යවරයකුගෙන් එම කමිටුව සමන්විත වන බවයි.

කමිටුව මගින් කිසියම් වාහන අංශයක් සඳහා රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට ඉල්ලුම් කරන ආබාධිත පුද්ගලයකුට පවතින ආබාධිත තත්ත්වය මත, තමා ඉල්ලුම් කළ වාහනය ධාවනය කිරීම සඳහා නිසි ශාරීරික යෝග්‍යතාවක් තිබෙනවාද යන්න මූලිකව පරීක්ෂා කිරීම සිදු කර අදාළ වාහනයේ අංගෝපාංග භාවිතයට, පවතින ආබාධිත තත්ත්වය බාධාවක් ද යන්න පිළිබඳව එහිදී  ප්‍රායෝගිකව පරීක්ෂා කිරීම මෙහිදී සිදු කරරීමට නියමිත වේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ එලෙස බාධාවක් නොවන බවට විශේෂඥ කමිටුව නිර්දේශ කරන්නේ නම් රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේ සාමාන්‍ය ක්‍රමවේදය යට‍තේ ලිඛිත සහ ප්‍රායෝගික  පරීක්ෂණ සඳහා පෙනී සිටිමට අදාළ  පුද්ගලයාට අවස්ථාව හිමි වන බවයි.

‍මීට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නව චක්‍රලේඛයක් ද නිකුත් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *