කුඩු ව්‍යසනය සහ දුම්රිය පීලි පැනීම
දුම්රිය මාර්ගයන්හි ඇණ ගලවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට විශේෂ වැඩපිලිවෙලක් ආරම්භ කර ඇත.
ඒ අනුව දුම්රිය ආරක්ෂක නිලධාරීන් 300 දෙනකුට අධික පිරිසක් ඒ සදහා යොදවා ඇත.
මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පිරිස් දුම්රිය මාර්ගවල ඇණ ගලවාගෙන යාම හේතුවෙන් මෑත දිනවල දුම්රිය පිලී පැනීමට මූලික හේතුව වීම මෙම පියවර ගැනීමට හේතුවයි.
දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී. එස්. පොල්වත්තගේ මහතා පවසන්නේ මෙම කටයුත්ත දිගටම සිදුවූවොත් දුම්රිය මගීන්ගේ ජීවිතවලට ද ඉතා අනතුරුදායක බවයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

