Latestවිදේශීය

ගුවන් ප්‍රහාරයකින් සුඩානයේ පුද්ගලයින් 22 ක් මරුට

සුඩාන හමුදා සහ අතුරු හමුදා අතර ගැටුම් අතරතුරදී ගුවන් ප්‍රහාරයක් සිදුවී ඇත.

මෙම සිද්ධියෙන්  සුඩාන වැසියන් 22  මරණයට පත්ව ඇති බව, සුඩාන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළේ කුමන පාර්ශවයක් ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් එම ප්‍රහාරයට සුඩාන හමුදාව වගකිවයුතු බවත්, ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 31 දෙනෙකු මියගිය බවත් සුඩාන අතුරු හමුදා නිකුත් කළ  නිවේදනයක දැක්වේ.

අතුරු හමුදාව පවසන්නේ, ඔවුන්ගේ ප්‍රධාන සැපයුම් මාර්ගයක් අවහිර කිරීමේ අරමුණින් සුඩාන හමුදාව ප්‍රහාරය එල්ල කළ බවයි. නමුත් සුඩාන හමුදා ප්‍රධානී, මෙම චෝදනාවලට මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *