Latestදේශීය

ජාතික ආර්ථිකයෙන් දෙකෙන් පංගුවක් ලබාදෙන කර්මාන්ත බිමටම සමතලා කරලා

රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටු හවුල එක ක්‍රියාත්මක කරන ආර්ථික උපායමාර්ගය නිසා දළ දේශීය නිෂ්පාදිතයෙන් 52%කට දායක වන කුඩා හා මධ්‍යපරිමාන ව්‍යවසායන් ලක්ෂ 03ක් මේ වනවිටත් බිඳ වැටී ඇති බව අනාවරණය වේ.

මේ සම්බන්ධ තොරතුරු ලාංකීය එක්සත් ව්‍යවසායකයන්ගේ සංසදයේ සභාපති ටානියා අබේසුන්ද විවිධ අවස්ථාවලදී පෙන්වා දී තිබිණි. මෙම ව්‍යවසායකයන් රැක ගැනීමට ක්‍රියා කළ යුතු බවද එසේ නොවුනහොත් මෙරට ආර්ථිකය තවත් දරුණු කඩාවැටීමකට ලක්වනු ඇති බවද ඇය අවධාරණය කර තිබිණි.

එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිදු අවදානයක් යොමු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසායන් ඉතිරි වී තිබෙන ප්‍රමාණයෙන් තවත් 20%ක් පමණ වැසීයාමේ තර්ජනයකට මුහුණපා ඇති බව දේශය පුවත්පතට ප්‍රකාශ කර ඇත. මේ වනවිට මෙම ව්‍යවසායකයන් ලබාගෙන තිබෙන බැංකු ණය සඳහා යම් සහනයක් ලබාදීමට ක්‍රියාකරන ලෙස ආණ්ඩුවෙන් සහ විශේෂයෙන් මහබැංකු අධිපතිගෙන් අවස්ථා ගණනාවකදී ඉල්ලා තිබුණද ඒ සම්බන්ධයෙන් කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බව අවදාරණය කර තිබිණි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *