සජිත්ට මුදල් කමිටුවේදී සිදු වූ දේ රනිල්ට ඉන්දියාවේදි වෙයිද ?
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයට පෙර ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා ලංකාවට පැමිණ අදාල න්‍යය පත්‍රය සකස් කිරිම පිළිබඳව දේශපාලන විශ්ලේෂකයන්ගේ අවධානය යොමු වී ඇති අතර දෙශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක වරයාට නිහඬව සිටීමට සිදු වූවා වැනි තත්වයක් උදාවෙමින් තිබේදැයි එම විශ්ලේෂකයෝ සැකයක් මතු කරති.
එයට මූලික වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වී වසරක් ගත වුවද නිල සංචාරයක් සඳහා ඉන්දියාවෙන් ඇරයුම් නොලැබුණු පසුබිම පිළිබඳව අවදානය යොමු කිරීමේදීය. මේ දක්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටවල් ගණනාවක් සංචාරය කර තිබුණද ඒ නිල රාජ්‍ය ත්‍රාන්ත්‍රික සංචාරයන් නොව අවමගුල් උත්සය හෝ වෙනත් වෙළඳ හා වාණිජ උත්සව වීම විශේෂත්වයකි.
මෙම මස 21 වෙනි දින සිට යොදාගෙන තිබෙන දෙදින සංචාරයේ අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මෙම සිතියේදී ලංකාවට පැමිණීමට නියමිතය.
ඉන්දී මාධය මේ සම්බන්ධයෙන් වාර්තා පල කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම වෙනුවෙන් විදේශ ලේකම්වරයා ලංකාවට පැමිණෙන බව සනාත කර ඇත. ශ්‍රී ලංකා රජය එම සංචාරය සම්බන්ධයෙන් අද (10) පෙරවරුව වන විටත් කිසිඳු නිල ප්‍රකාශයක් මාධ්‍යවලට ලබා දී නැත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

