Latestදේශීය

හෙද සේවයට තවත් 3000කට අධික පිරිසක්

මෙරට හෙද සේවාව සඳහා තවත් සිසු හෙද හෙදියන් 3315 දෙනෙකු බදවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.


දිවයින පුරා හෙද විදුහල් 15 කදී මෙම සිසු හෙද හෙදියන් සදහා පුහුණුව ලබා දීම සිදු කෙරේ.

2020 කාණ්ඩය සඳහා තෝරාගත් සිසු හෙද හෙදියන් මෙලෙස බඳවා ගැනෙන අතර 2018/2019 උසස් පෙළ ප්‍රතිඵල අනුව මෙවර සිසුන් 3315 දෙනෙකු සිසු හෙද පුහුණුව සඳහා සුදුසුකම් ලබා ඇත.
එමෙන්ම 2019/2020 උසස් පෙළ ප්‍රතිඵල අනුව සිසු හෙද හෙදියන් තෝරා ගැනීම සදහා වන ගැසට් නිවේදනයද ලබන අගෝස්තු මාසය තුළදී නිකුත් කිරීමට සැලසුම් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *