Latestදේශීය

11 දෙනෙකුට දිවි අහිමි කළ මනම්පිටිය බස් අනතුර

මනම්පිටිය ප්‍රදේශයේ දී බස් රථයක් කොටලීය ඔයට පෙරළීයාමෙන් සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව 11 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ  (09) රාත්‍රි කාලයේ දී සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ 40 දෙනෙකු මනම්පිටිය සහ පොලොන්නරුව රෝහල් වෙත ඇතුලත් කර ඇති බවයි පොලිසිය සදහන් කරයි.

ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බවද සඳහන්.

පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ කොටලීය පාළමෙන් ඔයට පෙරළී අනතුරට ලක්වූ බස් රථයට ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අවසර පත්‍රයක් නොමැති බව වාර්තා වෙනවා.

ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, එසේ වුවත් පළාත් අධිකාරියකින් යම් බලපත්‍රයක් ලබා දී ඇත්දැයි මේ වනවිට පරීක්ෂණ සිදුකරමින් පවතින බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, අවිධිමත්ව ධාවනය වන බස්රථ සඳහා විශාල දඩ මුදලක් නියම කිරීම සඳහා මේ වනවිට නීති සකස් කරමින් සිටින බවය.

ඒ අනුව ඉදිරියේ දී නීති තද කරන බවත් ඊයේ රාත්‍රීයේ අනතුරට පත්වූ බස්රථයට නිසි දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් ශෂී වෙල්ගම මහතා තවදුරටත් පැවසීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *